බෝල එකට ලකුණු දෙකයි ,
මගේ අහිංසක ලස්සන පිවිතුරු හදවතේ ලස්සන සද්දේ , "ලබ් ඩබ් ලබ් ඩබ්
ලබ් ඩබ් ඒ වෙලාවේ ලබ්බ ඩබ්බ්බ වෙලා ලබූ
ඩබු වේගන එනවා....
එක බෝලෙට ලකුණු දෙකක් ගහන්නේ කොමද; මම දන්නේ බෝල දාන්න
විතරයි , අන්තිම විකට් එක
විදියට පිටියට ආපු මගේ හිතේ බය, කොඳු නාරටිය දිගේ යන්නේ හරියට ෆ්‍රිජ් එක ඇර ඇර වහනවා
වගේ සීතල කරගන , මොනවා කරන්නද ? ඒ මදිවට , උන්ගේ ඉස්කෝලේ ඕපනින් බෝලර් ,හෙන කිං සයිස් පතාක හයේ හතරේ බුවෙක් දුවගන එනව බොලේ දාන්න ..
"ගහනවමයි"
මම හිතාගත්ත, බොලේ එනව දැක්කෙත් නෑ හරියට මට ලාවට පෙනුනේ බ්‍රෙට් ලී මට
ලිව්මක් එවනවා වගේ එකක් වගේ ..
මම ඇස් දෙක වහගත්ත , දෑත බලා බැට් එක අල්ලගත්ත රංජන් රාමනායක දුස්ටයන්ට ගහනෝ වගේ
පුළුවන් තරම් ශක්තිය යොදල කෙල්ල ඇරිය..
"සිං ...
"
ගාල සාද්දයක් ආව .. මට සුවර් බැට් එකේ නම් යන්තම් වත්
වැදුනේ නෑ බොලේ ..
මෙන්න යකෝ එක පාරටම අපේ උන් කෑ ගහන්න ගත්ත මගේ වටේම නිල්
පාට වෙලා , කොළ පාට වෙලා ..
රතු පාට වෙල තොට ළඟ තොරණ ලඟට ගිහින් අලියෙක්ට පෑගුනා වගේ උනා ඒ අස්සේ එකෙක් ඇවිල්ල
මාව බදාගත්තා උගේ උරහිසේ මගේ නහය වැදුන දැන් නිකං නහය උඩ පාට LED එකක් හයි කරා වගේ
.. එක පාරටම "අඩෝ එල එල" ගාගන අපේ ටීම් එකේ එවුන් දුවගන ආව .. වඩාගත්ත, මාව නෙමෙයි අනිත්
පැත්තේ බැට් කර කර හිටපු එකාව , මොකද ඌ තමයි 70 ක්ද කොහෙද ගහල තිබ්බේ ඒ වෙනකොට .. ආතල්ම වැඩේ කියන්නේ අපි කොහොම
හරි මැච් එක දිනලා ..
මටත් මොකෝ මමත් අර උස්සගන්න බැරි අර ලහුටවල් ඔක්කොම උස්සගන
දිව්වා අපේ එවුන් ගාවට ..
මගේ පිටට තට්ටු විතරයි අරුව බදාගන වඩාගන උඩ දානවා දැක්ක ලාවට
ඇහැ කොනෙන්.. මං එතකොට තමයි දැක්කේ අම්පයර් කාරය වයිඩ් එකක් සිග්නල් කරනවා ඒ
මදිවට උන්ගේ කීපර්ට බොලේ අත ඇරිලා , පිනකට පිනකට කියල මම ස්ටේඩියම් එකට ගිහින් ඇඳුම මාරු කරගන ගෙදර
යන්න පිටත් උනා.
ගෙදර යනකොට වෙලාව 6 විතර වෙලා ඇති..
-----------------------------------------------------------------------------------
මගේ තාත්ත ,
තමයි මං සෙල්ලම් කරනකොට මට "උනන්දුව" දෙන්නේ , සරලව කිව්වොත් තාත්ත තමයි මට බෝල දාන්න
කියල දෙන්නේ .. මම ගෙදර ගියේ කට ඇරගන තාත්තේ අපි දිනුම් .. අම්ම දොර ඇරිය ..
* අම්මෙහ් , කෝ තාත්ත?
# අද කොළඹ
ගිහින් ..
* ආ අද යනවා
කිව්වා නේද අමතක උනා , අම්මේ අපි දිනුම්
..
# හ්ම්ම් , ඇග හෝදගන කන්න , මේසෙට ඇරලා ඇති කෑම..
* හ්ම්ම්..
තාත්ත කවද්ද එන්නේ හෙටද?
# ඔව් දැන්
යන්න ගිහින් නාගන්න ..
* හා
ෂවර් එක යට ඉදන් නාන ගමන්ම මම ස්වයං වින්දනයක යෙදුන , මැච් එක ගහපු හැටි මතක් කරලා .. තාත්ත හිටියනම්
එනවනේ බලන්න එහෙනම් අම්මට වඩා තාත්තා සෑහෙන්න සතුටු වෙන්ව , එකට හේතුව එයා ආසයි මම දිනනවට .. ඒ උනාට
හිටියේ නෑ නේ හැබැයි හිටියනම් එහෙම ගමකට බයිට් වෙන්න වෙන්නේ මැච් එක දිනපු හැටියට
.. කමක් නෑ , පිනකට හරි වැරදිලා
හරි මැච් එක දිනුම් නේ ඔයි .. ඕකත් හිතේ තියාගන ඉතින් සුද්ද වගේ සුවඳ ගහ ගහ එලියට
ආව මම ..
අම්ම , ඉදි අප්පයි කිරි
හොදි රතු පාටට මිරිස් හොද්ද එක්ක මාළු .. මමත් ඉතින් කෑවා නිකං ක්‍රිස් ගේල් 6 ඒවා ගහනව වගේ ..
මට දැන් මැච් එක ගැන තාත්තට කියන්නම ඕනේ , අම්මේ මං කෝල් එකක් ගන්නවා පලවෙනි පාර
ගත්තම ගෑනියෙක් කියනව චාරයක් නැති ලු...
දෙවැනි පාර,
* හලෝ ,
# තාත්තේ මං
හසී
* ඔව් පුතේ
ඇයි ,
# තාත්ත වැඩක
ද
* නෑ පුතේ, අද මැච් එක කොහොමද ?
# දිනුම්
තාත්තේ ..
* නියමයිනේ
මගේ කොල්ල , අද විකට් කියක්
ගත්ත ද ?
# විකට් නෑ
තාත්තේ මම අන්තිම ලකුණ ගැහුවේ , එකත් වයිඩ් එකක් !
(තාත්තට හිනා
යන්න ඇති)
*පුතේ අම්මට
දෙන්න ..
# අම්මේ මෙන්න
තාත්ත කතා කරනවා..!!
__________________________________
"ඉතුරු ටික මට මතක හීනයක් වගේ "
මොනවා , ඕක දෙන්න කරූට
අනේ ඉක්මනට ,
කොහෙටද
ආසිරි ද
ඇනේ ඉක්මනට
(මට ඇහුනේ
ඔච්චරයි එකත හීනේන්වගේ)
___________________________________
ට්‍රීන් ට්‍රීන් .... හලෝ
හානේ ඇත්තෙයි ..
පුතේ තාත්ත නැති වෙලාලු.. (අම්මට මොනව උනාද කියලවත් මට මතක නෑ )
ටී වී එකේ කතාවක් යනවා මතකයි , අකුණක් ගැහුවා වගේ උනා එක පාරටම
මට
අච්චර වෙලා ආසාවෙන් උඩ දදා හිටපු මගේ අතේ තිබ්බ , අරවින්ද ඩි සිල්වා සර් අත්සන් කරපු බොලේ
බිමට වැටිලා ඇඳ යට රෝල් වෙන්ව දැක්ක බොඳ වෙලා වගේ , කකුල් දෙක පන නැති වෙලා වගේ වටේම බොඳ උනා ..
එදා මට 14 යි
අද මට 24 යි ..
මම තවම බැට් කරනවා , ගොඩක් අය මාව අවුට් කරන්න දඟලනවා , එක එක විදියේ බෝල දානවා .. මම දන්නවා මම
කොහොම හරි දිනනවා , මට ගහන හැටි කියල
දෙන්න තාත්ත නෑ ජිවතුන් අතර ,
එත් මම මේ මැච් එකත් ගහනව , ගහල "දිනනවා .." දවසක.