දොර පඩිය..
ශ් ශෂ් ශ් ... !
අඩි ශබ්දයක් ඇහෙනවා පඩිය මත
ඇස් දෙක තද කරගන වහං හිටියම
මට දැනෙනවා කවුරුන් හෝ සිටින බව..
වචන පට්ට සුකුමාලයි ,
එක වසරේ ගණන් අච්චු පොත වගේ..
දුහුල් සළු, වලාකුලක් හා සමයි
අනේ මට ඈ වෙතට යන්න හැකිනම්
මහා සෙනගක් මට එපා අප්පිරියයි
අප්‍රසන්නයි මූණු උන්ගේ..
හිනා වෙති , උඩ පනිති ,
කෑ ගසයි විකාරෙන්,
එ හැමට මැදි වී , මා සිටිමි සිරවී ..
මේ සියල්ල මැද සිටි මුත්
මා දනිමි යම් දෙයක්
පඩිය මත නිශ්චලව
ඉන්නවා යම් කෙනක්
ඈ මට අඩ ගසයි
සෙමින් මගේ නම කියයි..
---------------------------------------
මරණය ගුප්තයි , එ නමුත් සුන්දරයි
නිතර ඈ මෙවැනි දේ ,
පඩිය උඩ මග බලං
මට කියයි, මට ඇසෙයි..
අන්න ,
එවිට මා පිය නගමි
සීරුවෙන් දොර හරිමි
සැලෙන හදකින් යුතුව
බලන බලන හැම විටම
පඩිය මත බිම ඇඳෙන්
සදේ එ රේකාව පමනි
මා දකින්නේ..
0 comments:
Post a Comment