ඇස් වලින් කඳුළු වැගිරී වැගිරී ..
හද සෝ ගිනි ඇවිලී ඇවිලී..
වේදනාවෙන් මා මිරිකී මිරිකී..
අතරමං වී ඇත මා මගක් නොපෙනී..
පිළිසරණක් නැතුව මම,
ගෙවූ සමයක් මට නම් මතක ඇත...
"මචං.. හිතල බලපන් කොහොමද මම අපහු සුවපත් උනේ??
සතුටින් ඉන්නකොට උඹට ඒක අරුමයක් නේද බං.. අපි අසරණ වී හිටි කාලය මතක් වෙනකොට උඹට, හිතා ගන්න බැරි මහා ලොකු බලයක් ඇවිල්ල අපිව රැක ගනී කියල ; උඹට හිතෙන්නේ නැද්ද මචං.. හරියට ඉරක් පායලා අපිට එලිය දෙනවා වගේ වලාකුළු දෙපැත්තකට කරලා .. අපි කවදාවත් අසරණ වෙන්නේ නෑ බං, අපිට කවුරු හරි ඉන්නවා බය වෙන්න එපා .. "
අඳුරු අහස් ගැබ දෙදරා දෙබෑ වෙන්නේ..
රැස් දහරා ලොව එලිය කරන්නේ ..
කඳුළු සිඳී අප සුවපත් වෙන්නේ..
නව ජීවයක සුවය දැනෙන්නේ..
හ්ම්ම්... දැන් ඉතිං උඹ හොඳට හුස්ම ගනින්..
මම මැරෙනවා !
සාරියක් ඕනෙද?
ReplyDeleteසාරියක් ඕනද? +1
ReplyDeleteසාටර් සාටර් කීවට මට නං සාටර් ගතියක් පේන්නෙ නෑ...
ReplyDeleteසංවේදීව ලියල තියෙනව...
අවන්හල
ඇස් වලින් කඳුළු වැගිරී වැගිරී ..
ReplyDeleteහද සෝ ගිනි ඇවිලී ඇවිලී..
වේදනාවෙන් මා මිරිකී මිරිකී..
අතරමං වී ඇත මා මගක් නොපෙනී..
පට්ට