සාරා රෙෂල් 

බය වෙලා මැරෙන තරමට 
දොස්තර මොනව කියයි ද
ඇය හිටියේ හොඳින් නෙමෙයි 
වැටුන දවසේ සිට 
කැළල නිකම්ම යන්නේ නෑ


ඉඳගන
බලාගන
ඉන්නවා

එනකං දෙමව්පියෝ
කියවයි පත්තර

"නර්ස් ඇවිල්ල දොර ගාව "
හිටගන හිනාවෙලා

ලාවට අසරණව

මොකක් හරි අවුලක්
සුදු රුදිරානු හා රතු රුදිරානු වල

සරා රෙෂල්
හිතා ගත්තා
නැටුමකට
අරාධනා කරන්න

දොස්තරට..


අවසන් වතාවට !



0 comments:

Post a Comment

 
Top