කනුව යට ගැහැණිය !
----------------------------
ස්වාධීන ගැහැනියක වන ඇයට, 
රීති - තහනම් තහංචි නැත
අම්ම අප්පා විසින් බැඳ දැමු පවුරු නැත 

ස්වාධීනයි
ඇගේ සිත 
ඇගේ සිරුර 
ඇගේ ඇසුර 
කැමති කෙනෙකුට දෙන්න 
කිසිදු තහනමක් නැත 
ප්‍රේමය සිරගෙයක් කරගන්න 
ඇගේ කැමත්තක්ද නොමැත 
නැවුම් ප්‍රේමයක් ඕනෑම වෙලාවක 
විඳගන්නට කිසිඳු තහනමක් නැත 

ස්වාධීන ගැහැනියක මිස ඇය 
කවරෙකුගේවත් හිතක 
සිරකාරියක් නොවේ .. !!



0 comments:

Post a Comment

 
Top