Mr.රස්තියාදුකාරයා 
_________________________________________________________________________________
පාවෙලා යන ජීවිතේ ගැන හිත හිත , බීච් ඒක අයිනේ නවත්තපු 
ඉස්කූටරය උඩ බැහැගෙන යන ඉර දිහා
බලන් ඉන්න එක පට්ට ආතල්.

කෙල්ල අරන් දීපු, ඉරිච්ච ඉස්කිනියක් ඇඳලා
මගේ රබර් කළු ඇස් දෙක එලියට දැම්මම පේන්නේ ‘ඉර‘ දිහා නෙමෙයි...
අර බිකිනි ඇඳන් පාරේ දුවන සුද්දී දිහා...

ගේමක් නෙතුව බලන් ඉන්නත් පුළුවන්..(කට කොනෙන් හිනා යනවා )

එත් අපි දිහා බලන් එවුන් අපිට කියන්නේ
රස්තියාදුකාරයා....

ඉතින් මට මොකද !

කෙල්ල අරන් දීපු i pod එක කනේ ගහගෙන,
බියර් බෝතලයක් බිබී බිම වාඩි වෙලා බිත්තියට පිට තියාගෙන ඈත මූද දිහා බලන් ඉන්න මගේ, කලිසම ඉරිලා.. ඒ මදිවට ස්කූටර් එකේ පෙට්‍රොල් නෑ මගේ හිතට එන්නේ

• මොන මඟුලක්ද
• මං අද රැට කන්නේ කොහොමද
• හිඟා කනවා මීට හොඳයි

ශුශ්තියක් ඇදලා ආතල් එකේ හුලන් වැදී වැදී ඉන්න කොට මට හිතෙන්නේ මේ ජීවිතේ ආතල් කියලා... මොන කරුමයක්ද මේ ගෙවන්නේ කියලා හිතෙන්නේ ඉස්කූටරේ තල්ලු කරන් යනකොට මිනිස්සු මගේ දිහා බලලා හිනාවෙනවා දැක්කම.

උන්ගේ අම්මලාට හු#@^%$#&^ කියන්න හිතෙනවා

මොකක්ද මුන්ට තියෙන අමාරුව..

පාරේ අයිනේ ඇරලා තිබ්බ ලීක් වෙන ටැප් එකේ වතුර වෙටෙනවා දකිද්දී මට හිතෙන්නේ මේ iphone ipod laptop මේ මගුල් ඔක්කොම අරකිගේ අප්පච්චිගේ එකවුන්ට් එකෙන් ලීක් වෙන සල්ලි වගේ කියලා.

මොනවා උනත් ඒකි මට ආදරෙයි... එත් ඇයි? ඒකි මට ආදරේ නිසා වෙන්න ඇති මේවා මට දුන්නේ, මට මොකෝ..!!

මං අද පන්සල් ගිහින් රෑ පන්සලේ හාමුදුරුවන්ගේ බත් එකෙන් ෂේප් වෙනවා. පොඩි හමුදුර්වෝ හොරෙන් කන ඒක දන්නේ එයයි මමයි විතරයිනේ 

හඃ.. ඒකත් තව ටික දවසයි. හාමුදුරුවෝ පැනල යනවා කිව්වනේ අරකි එක්ක.. මොනවා උනත් හොඳ කොල්ලා 
සිවුරකට හිර වෙලා ලෝකෙන් වහන් වෙලා ලව් කරනවා
අනේ ඉතින් එකත් මට මොකෝ නේ ?

"සුපිපි මල කොයිබදෝ මිටියාවතේ
සුපිපි මල මිටියාවතේ කාලෙකට මත්තේ"
(ෆෝන් එකට කෝල් එකක්)

ඒ පාර මොකාද? 

'නතාෂ්' 

මුට මොකද මාව මතක් වෙලා තියෙන්නේ ?

හසික, මොකද හු%#$^! කරන්නේ?? වරෙන් සින්දුවක් ගහන්න, අපේ ගෙදර අද කවුරුත් නෑ වරෙන් වරෙන්.

වචනයක් කතා කරන්නේ නැතුව ෆෝන් එක දිහා බැලුවා. 

හ්ම්ම්... අද රැට බත් එක හරි.. දවල්ට ?

අනේ මගේ ජීවිතේ. ඇයි මට වෙන්නේ කාගේද වැරැද්ද?
මං මේ කතා කරන ඇයි කියන එකට උත්තර හොයාගත්තනම් මේ අබලන් කැරකෙන ෆෑන් එකේ පෙති, අර නැට්ට නැති හූනව පහු කරන වාරයක් පාසා මං හිනා වෙයි..

(පොෂ් කෙල්ලේක් කොටට කොටේ ඇදගෙන කාර් එකකින් බහිනවා)

මං ඉන්නේ ෆ්ලැට් එකේ.. මේකී මොකෝ මේ වෙලාවේ.??? මං හිතන්නේ මං මේකිට කැමතියි.

‘‘අනේ ඇයි බබා මේ රූම් එකේ හැටි බලන්න
එයාගේ කට ට නැවතීමක් නෑ

මම ජනේලයෙන් එලිය බැලුවා !බලාගෙන හිඟන්නෙක් හිඟා කනවා

‘‘ඉතින් අද මගේ පැටියා මොකද කරේ? .. ඔන්න තාත්ති කිව්වා ඔයාට ජොබ් එක හරි කියලා. (අයිත් කච කචේ)

එයා මගේ ඇඟට අත තියල අහනව, ඔහොම ඉන්නේ ඇයි අනේ.. මොකද බබී මාත් එක්ක තරහද?

බබී අපි අවුට් යමු කන්න.. අද නම් රැවුල කපන්නම ඕනේ ඔන්න හරිද...

කොල්ලගේ අර කුප්ප හිනාව..

මේ කෙල්ල කියන එක කරන එක මගේ වගකීමක් ද

“Great powers comes with great responsibility” spider man ගේ මාමා කියනවා ඇහුනා..

එයා මගේ අතින් අල්ලන් එලියට බැස්සා විතරයි.. එහා පැත්තේ බේකරියේ මුදලාලිගේ කටෙන් ඇහුනා සුපුරුදු වචන ටික....

‘‘රස්තියාදු කාරයා‘‘


11 comments:

  1. අනේ මංද.. ටිකක් චාටර් වගේ නේ? :P

    ReplyDelete
  2. රැවුල කපහන් බන් කෙල්ලත් කියන එකේ :D

    ReplyDelete
  3. පට්ට චාටර් නේ ඕයි
    @-) :o

    ReplyDelete
  4. නුතන ධනේශ්වරය මැවූ සාමාන්‍ය තරුණ ජිවිතයක් මේක , ඕක ඉස්සරහදි කෙටි චිත්‍රපටියක් ලෙසින් බලාගැනීමට පුළුවන් ඔක්කොලාටම , හෙනං චාටර් වෙච්චාවේ !!

    ReplyDelete
  5. මීට සමාන ගතියක් තියෙන කවියක් “90 ගණන්වල “හිරු“ පත්තරේ තිබුනා. “ඒකනායක කුමන්ත්‍රණ කාරයා“ ලියුවෙ රුවන් ආන්ජිලෝ ජයසිංහ වගෙයි මතක..... b-(

    ReplyDelete
    Replies
    1. හපොයි මේක මගේ නිර්මාණයක් කොටින්ම කිව්වොත් මගේ කතාව කිව්වත් අවුල්ක් නෑ

      Delete
  6. ;(( තා අවුරුදු කීපෙකින්..... මං ගෙදරින් එලියට බහිනකොට.... "රස්තියාදුකාරයා..." ෂුවර් :d

    ReplyDelete
  7. බරපතලයි....... :-? ඔයාමද?

    ReplyDelete
  8. එක කාලයක් චාටර් උනාට රස්තියාදුකාරයා උනාට හැමෝම මහත්තයා වෙනවා බැන්දාට පස්සේ ..

    ReplyDelete
  9. චාටර් නෑ පට්ට

    ReplyDelete

 
Top